Sign In / Login
Register
Education

ඔබ හොඳ ගුරුවරයෙක්ද ?Be a good TEACHER

July 21st, 2021 1210 VIEWS

ලොව ඇති වෘත්තීන් අතරින් වැදගත්ම ,වටිනාම වෘත්තිය ලෙස ගුරු වෘත්තිය දැක්විය හැකියි.ගුරුවරයෙක් යනු පාසලක් තුළ ඉගැන්වීම් සිදුකරන අයෙක් පමණක්ම නොවේ.එනම් අපි ඔබ ජීවත්වන මේ වටාපිටාව ද ගුරුවරයෙකි.ගුරුවරුන් ලබාදෙන දැනුම හුදෙක් විභාග සමත්වීමට පමණක්ම සීමා නොවේ.එනම් බොහෝමයක් ගුරුවරු ජීවිතය සමත් කරවීම උදෙසා දැනුම ලබාදෙන්නන් වේ.මේ වනතුරු ගෙවුණු ජීවිතය තුළ ඔබට එවැනි ජීවිතය ඉගැන්වූවන් බොහෝ ප්‍රමාණයක් හමුවී ඇත.ඔවුන් ඔබට හොඳ ගුරුවරු වූවාට සැක නැත.ජීවිතයට එදිනෙදා එන ප්‍රශ්න ,ගැටලු සහ අභියෝග යනු ද හොඳ ගුරුවරුන් වේ.ඇතැම් ප්‍රශ්න ,අභියෝග අපිට උගන්වන පාඩම් පාසලකින් කිසිසේත්ම ඉගෙනගෙනගත නොහැකි තරම් වටිනා ඒවා විය හැකිය.

කෙසේවෙතත් අසිරිමත් ගුරු භූමිකාව තුළ ” Teacher ” යන වචනයෙන්ම හදුනාගත හැකි ලක්ෂණ කිහිපයක් පිළිබඳව අපි මෙසේ සටහන් තබමු.

T – trainer ගුරුවරයෙක් තුළ දක්ෂ පුහුණුකරුවෙක් සිටියි.තම ගෝලයින්ට නිවැරැදි නායකත්වයක් දෙමින් දක්ෂ ලෙස සාර්ථකවීමට අවශ්‍ය මාර්ගය ඔවුන් පෙන්වාදෙයි.

E – educator දැනුම ගුරුවරයා සතුව නිරායාසයෙන්ම පවතියි.එය හුදෙක් විෂය දැනුමට පමණක් සීමා නොවූ පුළුල් දැනුම් සම්භාරයකි.කියවීම තුළින් ,අධ්‍යනයන් තුළින් ,සමාජීය භාවිතයන් තුළින් ළගා කරගත් දැනුමකි එය.සාර්ථක ගුරුවරයෙක් යනු හොඳ දැනුම් ගබඩාවකි.එනම් උගත්කම ආභරණයක් කරගත් අයෙකි.

A – actorගුරුවරයෙක් තුළ දක්ෂ රංගන ශිල්පියෙක් වෙසෙයි.එනම් දරුවන්ට අදාළ විෂය කොටස් තේරුම් කිරීමේ සිට නිවැරැදිව ඒවා ග්‍රහණය කරවීම උදෙසා ගුරුවරයා සාර්ථක භූමිකාවක් ඉටුකළ යුතුය.එහිදී තමා තුළ සිටින නිර්මාණකරුවා එළියට ගැනීම වඩාත් ප්‍රායෝගික වේ.

C – co-ordinatorඑමෙන්ම ගුරු භූමිකාව තුළ හොඳ සම්බන්ධීකාරකයෙක්ද සිටියි.එයත් ගුරුවරයා තුළම ඇති තවත් එක් චරිත ස්වභාවයකි.

H – healer ගුරුවරයෙක් යනු හොඳ සුවපත්කරන්නෙකි.මේ කියන්නෙ හුදෙක් රෝග සුවපත් කිරීමක් ගැන නම් නොවේ.එනම් මානසිකව ඇති තත්වයන් ධනාත්මක ලෙස සුවපත්කරමින් ජීවිතය සාර්ථක කරවීමට කටයුතු කරන අයෙක් යන්නයි.

E – executiveඑමෙන්ම ගුරුවරයා තුළ හොඳ විධායක නිලධාරියෙක් ද සිටියි.ආයතනයක් පාලනය කරන ප්‍රධානියෙක් සතුව ඇති ලක්ෂණ ගුරුවරයා තුළින් ද හදුනාගත හැකිය.

R – researcherඅවසාන වශයෙන් ගුරුවරුන් යනු හොඳ පරීක්ෂකයන්‍ වේ.දැනුම ගවේෂණය කරමින් නිවැරැදි දත්ත යටතේ තම පිරිසට ගුරුහරුකම් ලබාදෙනුයේ එම ගුණාංගයන් නිසාය.ගුරුවරු සාර්ථක හෝ අසාර්ථක දැයි කිවහැක්කේ ඔවුන් තුළ කොයිතරම් දුරට දැනුම ඇතිද යන කාරණාව මතයි.නමුත් දැනුම තිබූ පමණින්ම හොඳ ගුරුවරු නිර්මාණය නොවේ.එනම් තමා සතුව ඇති දැනුම අනෙකාට පැහැදිලි ලෙස අවබෝධ කරවීමට ද ගුරුවරයා තුළ හැකියාවක් තිබිය යුතුයි.

එසේ නම් ගුරුවරයා යන වචනාර්ථය තුළ ගැබ්ව ඇති මෙම ලක්ෂණ ඔබ තුළ තිබේද යන්න මදකට කල්පනා කරන්න.එසේ නොවේ නම් ඔබ වර්ධනය කරගත යුත්තේ කවරාකාර ගුණාංගයන් ද යන්න පිළිබඳවත් විමසිලිමත් වන්න.

Related Articles

The Importance of Learning English in Today's World
The Importance of the O/L Exam in Sri Lanka
Important of  Degree for a job

LEAVE A REPLY