වැඩ කල්දැමීමට මෙහෙම තිත තියමු
" Procrastination is the thief of time "
කල්දැමීම යනු කාලයෙහි සොරාය.වැඩ කල්දැමීම සොරාගන්නේ වටිනාම කාලයයි.විවිධ හේතු මත ඔබත් මෙවැනි වැඩ කල්දැමීමට හුරුව ඇති අයෙක් වියහැකියි.ඇතැම් හේතු ඔබ විසින්ම නිර්මාණය කරගත් ඒවා වියහැකියි.එමෙන්ම බොහෝ හේතු ඔබට පහසුවෙන්ම පාලනය කළ හැකි ඒවායි.අවශ්‍ය වන්නේ ඊට හේතු හඳුනාගනිමින් හොඳ ආරම්භයක් සහිතව ඉදිරියට යාමයි.
සාර්ථකත්වය කරා යාමට බොහෝදෙනාට ඇති පොදු ගැටලුවත් මෙයයි.එමෙන්ම විශාල අභියෝගයක් ද වේ.කල්දැමීම බිඳදැමීමට නම් ඔබ තුළින්ම එහි ආරම්භය ගතයුතුයි.බොහෝවිට කල්දැමීම ,ප්‍රමාද කිරීම යන ගැටලුවලට හේතුව ස්වයං පාලනයක් ඔබ තුළ නොමැති වීමයි.ඇතැම්විට ඔබ එක් කාර්‍යක් නොව කාර්‍යන් කිහිපයක් දවස තුළ ප්‍රමාද කරනවා වියහැකිය.කාලයක් තිස්සේ එසේ කිරීම ඔබටම ඔබ ගැන ඇති කරන්නේ සෘණාත්මක සිතිවිලි පමණි.එයින් ඔබ උත්සාහයන් ,අරමුණු අතහැර සිටීමට කටයුතු කරයි.
" The secret to getting ahead is getting started "
ඉදිරියට යාමට ඇති එකම රහස ආරම්භ කිරීමයි.මේ ඔබ කල්දැමීම බිඳදැමීමට උත්සාහ ගැනීම ආරම්භ කළ යුතු කාලයයි.ඒ වෙනුවෙන් මෙසේ සූදානම් වෙමු.
01) පටන් ගන්න පෙර මනස සූදානම් කරන්න :
ඕනෑම දෙයක් කිරීමට පෙර වැදගත් වන්නේ ඊට සුදුසු පරිදි මනස සූදානම් කරගැනීමයි.ඔබට ඇත්තේ අවිවේකී ,එක තැන නොරැඳෙන මනසක් නම් ඔබ පළමුව කළ යුත්තේ මනස නිසිලෙස පුහුණු කිරීමයි.යමක් කිරීමට පෙර ඒ වෙනුවෙන් මනසට හොඳ ආරම්භයක් ,පැහැදිලි බවක් අත්‍යාවශ්‍යයි.අරමුණු ගැන මනස දැනුවත්ව සිටිය යුතුයි.අවසාන ඉලක්කයන් පිළිබඳව මනසට හොඳ අවබෝධයක් අවශ්‍යයි.එසේ නොමැතිව අපි කරන වැඩ තුළ සාර්ථක අවසානයන් දැකිය නොහැකිය.පැහැදිලි අරමුණක් නොමැති නිසාම ඔබ තවදුරටත් කල්දැමීමම මිස හොඳ ආරම්භයන් ගැන නොසිතන්නේ ද එවිටය.
02) ආඩම්බර වියහැකි දිනපතා පුරුදු :
ඔබට ඔබ ගැනම සතුටු වියහැකි දිනපතා පුරුදු පුහුණු කරන්න.ඒවා සරල දේවල් වියහැකියි.නමුත් මෙවැනි සරල පුරුදු පුහුණු කිරීම තුළින් ප්‍රමාද කිරීම වෙනුවට වැඩ අවසන් කිරීමට ඔබ උත්සාහ ගන්නවා නිසැකය.
03) කල්දැමීමට හේතු දැනගන්න :
ඕනෑම දෙයක් ප්‍රමාද කිරීමට ඔබට ඇති හේතු මොනවාද යන්න අවබෝධ කරගන්න.එනම් ඔබ කවරාකාර වැඩ කල්දමන්නෙක් ද යන්න ඔබම හඳුනාගන්න.අනතුරුව ඒවාට සුදුසු පිළියම් තීරණය කරන්න.බොහෝ හේතු ඔබට පහසුවෙන් පාලනය කළ හැකි ඒවායි.
04) වැඩ කරන්න සුදුසු තැනක් :
ඔබ වැඩ කිරීම සඳහා තෝරාගන්නා තැන සැබැවින්ම වැඩ කිරීමට තරම් සුදුසු තැනක් වියයුතුයි.එසේ නොමැති නම් ඔබට වැඩ කිරීමට හොඳ ආරම්භයක්වත් දිගින් දිගටම වැඩ කිරීමට තරම් වූ මනසක්වත් අවසානය දක්වාම එක් වැඩක නියැලීමට ඇති හැකියාවක්වත් ළඟා කරගත නොහැක.අපි දෙයක් සාර්ථකව ප්‍රමාද නොකර කිරීමට නම් ඒ සඳහා තෝරාගන්නා ස්ථානය අනිවාර්යයෙන්ම සුදුසු තැනක් වියයුතුමය.
05) සැලසුම් කිරීම :
මනා වූ සැලැස්මක් සහිතව වැඩ කිරීමට ඔබ අදහස් කරනවා නම් ඒ වෙනුවෙන් සුදුසු කාලසටහනක් තිබීම ,කළ යුතු වැඩ ලිස්ට් එකක් ( To do list ) තිබීම වැදගත් වේ.එවිට ඔබට යමක් මඟහැරී යාමට ඇති ඉඩ බෙහෙවින් අවමය.දිනපතාම ඔබ කළ යුතු දේවල් ගැන දැනුවත්ව ඒ වෙනුවෙන් අවබෝධයක් සහිතව ක්‍රියාත්මක වනවා නම් ප්‍රමාදයන්ට එහි ඉඩක් නැත.
06) අවධානය :
වැදගත්ම දෙය නම් අවධානයයි.ඉතාමත් හොඳ අවධානයක් සහිතව අපි දේවල් කළ යුතුයි.මේ මොහොත තුළ කළ යුතු දේ සඳහා මේ මොහොත තුළ මනා අවධානයක් යොමුකරන්න.දෙයක් කිරීමට ආරම්භ කළ පසුව ඒ වෙනුවෙන් මිස වෙනතකට ඔබේ අවධානය යොමුනොකර සිටින්න.ඔබ තුළ ඇති අවධානය ගිලිහීම බොහෝ වැඩ ප්‍රමාදයන්ට ප්‍රධානතම හේතුවක් වේ.
ප්‍රසිද්ධ ජපන් කියමනක් තිබේ ,
" Vision without action is a daydream, action without vision is a nightmare "
එනම් ,ක්‍රියාවෙන් තොර දැක්ම දවල් සිහිනයකි.දැක්මකින් තොර ක්‍රියාව බියකරු සිහිනයකි.එසේ නම් දැක්මක් සහිතව ක්‍රියාත්මක වීම ප්‍රමාදයන්ට ඉඩ නොතබා ඔබව ඉදිරියටම රැගෙන යනු ඇත.
" While wasting our time hesitating and procrastinating ,life goes on "
අපි පසුබට වෙමින් කල්දමමින් කාලය නාස්ති කරන අතරතුර ජීවිතය අපිට නොදැනුවත්වම ලිස්සා යමින් පවතියි.එය තරයේ සිහිතබා ගන්න.
LEAVE A REPLY